කැකිරාව රත්වී නිවෙයි


සන්ධානයේ ම දෙපිරිසක් අතර කැකිරාවේ දී ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය මැදිහත් වී බේරුම් කෙළේය. විමල් වීරවංශ මහතාගේ  පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ රථ පේළිය නතර කළ පොලිසිය එහි රථවල තිබූ ස්ටිකර් ගැලවීම පිළිබඳව ප්‍රශ්නයක් ගැන පොලිසිය හා මුලින්ම ගැටෙන්නට ගිය අවස්ථාවේ පොලිසියේ උසස් නිලධරයකු එය සංසිඳවු පසු සන්ධානයේම තවත් අපෙක්ෂකයකුගේ පිරිසක් හා වීරවංශ මහතාගේ පිරිස අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය. පැය භාගයක් පමණ එම ගැටුම්කාරී තත්ත්වය පැවැති අතර පසුව එය ද සමථයකට පත්විය.