කැකිරාව බස් ඩිපෝව වහයි


කැකිරාව ලංගම ඩිපෝ සේවකයන් දෙමාසයක හිඟ වැටුප් ඉල්ලා වැඩ වැරූ සිවුවැනි දිනයේ ඩිපෝව තාවකාලික වසා සේවකයෝ 150 දෙනෙක් දඹුල්ල ඩිපොවටත් පනස් දෙනෙක් පමණ අනුරාධපුර ඩිපොවටත්  අනුයුක්ත කරනු ලැබූහ. ලබන 20 වැනි දාට පෙර වැඩ බාර නොගතහොත් සේවය අතහැර ගියා සේ සලකන බව රජරට බස් සම්ගමේ අධ්‍යක්ෂ මර්වින් ප්‍රනාන්දු මහතා කියයි. ‘‘ඩිපෝව වැහුවේ නැහැ. ජවිපෙ පිරිසක් ඩිපෝව අඩපණ කරන්න හදනවා.ආරක්ෂාව සඳහා බස් ටික අනුරාධපුර සහ පොළොන්නරු ඩිපෝවලට යැව්වා‘‘  සේවක වැටුප් නොගෙවුයේ ඇයි දැයි ඇසූවිට ඔහු කිවේ ‘ඒ වැටුප දඹුලු ඩිපෝවේ සේප්පුවේ ඇති බවයි‘. සේවක වර්ජනය දිගටම පවතී.