කැකිරාව ඩිපෝව අරී
දින අටකට පෙර වසා දැමූ කැකිරාව ලංගම ඩිපෝව අද විවෘත විය. ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහන දිසානායක මහතා එහි ගොස් සේවකයන් සමග සාකච්ඡා කළේය. දෙමාසයක හිඟ වැටුප් වලින් මාසයක වැටුප් අද ගෙවීමට නියමිතය.
පොලොන්නරුව අනුරාධපුර ඩිපෝ වෙත යැවූ බස් යළි ගෙනඑන බවද, ඒවායේ ඇතැම් කොටස් ගලවාගෙන ඇති බවද සේවකයෝ කියති.
ඇතැම් බස්වල හොඳ සීට් ගලවා කබල් සීට් සවිකර ඇතැයිද ඔවුහු පවසති.

