රංජිත් රාජපක්ෂ
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉතා ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි.
එම ජලාශයේ පිටාර මට්ටම ඉක්මවා ගියහොත් වාන් දැමීමට නියමිතය.
මවුස්සාකැලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබෙන අතර එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණ හොත් සෙසු වාන් දොරටු දෙක ද විවෘත කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන අතර ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතී.
පවතින අධික වර්ෂාවත් සමඟ අධික සුළං තත්ත්වයක් ද මධ්‍යම කඳුකරය පුරා පවතින නිසා ජනජිවිතයට ගැටළු රැසක් මතු වී ඇත.