කාශ්‍යප මාලිගාවේ නිදාගත් දෙදෙනෙක් සැකපිට


සීගිරි පර්වත මුදුනේ කාශ්‍යප රජ මාලිගාවේ නටඹුන් අතර සඳුදා රාත‍්‍රියේ නිදාගත් දෙදෙනෙක් අද අත් අඩංගුවට ගනු ලැබූහ. කඩවත හා සඳලංකාවේ පදිංචි කරුවන් බව කියන මේ දෙදෙනා අතර කැමරා දෙකක්ද විය. රාත‍්‍රී 6.00න් පසු සීගිරි පර්වතයේ කිසිවෙකුටත් රැුදී සිටීමට නොහැකිය.