කාල්ටන් රග්බි පිටියට බොලිවුඞ් තරු පායයි
මහනුවර බෝගම්බර පිටියේදී මේ මස 26 වැනිදා ආරම්භ වන ‘කාල්ටන් සුපර් 7 ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලිය වර්ණවත් කිරීමට බොලිවුඞ් සුපිරි නළු නිළියන් සහ සංගීතඥයන් සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ පළමු අදියරේ දෙවැනි දිනය වන මේ මස 27 වැනිදා පස්වරුවේ ඉන්දීය සුපිරි නිළි ප‍්‍රීති සින්ටා සහ සුපිරි නළු විවේක් ඔබ්රෝයි මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය.
බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අදියරේදී ජූනි මස 3 වැනිදා ඉන්දීය සුපිරි නිළියන් වන විපාෂා බාසූ සහ සමීර් රෙඞ්ඩි පැමිණීමට නියමිතය. එහිදී පැය 2 ක සංගීත ප‍්‍රසංගයක් පැවැත්වේ.

