කාල්ටන් රග්බි තරගාවලියේ වැඩිම ගෙවීම සුදර්ශනට


සත් සාමාජික රග්බි තරගාවලියට ක‍්‍රීඩා කරන නව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගෙන් වැඩිම ගෙවීමක් ලබන ක‍්‍රීඩකයා බවට ‘උතුර ඊගල්’ පිල නියෝජනය කරන සුදර්ශන මුතුතන්ත‍්‍රි පත්ව සිටියි. සුදර්ශන මෙහිදී දිනකට රුපියල් 74,000 ක මුදලක් ලැබීමට නියමිතය. හැව්ලොක්ස් පිලේ ෆ්ලැන්කර් ක‍්‍රීඩක, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍ය සුදර්ශනට දින 16 කදී රුපියල් 1,184,000 මුදලක් ලැබීමට නියමිතය. සජිත් සාරංග දිනකට රුපියල් 65,000 ක් ද, දිලිප් සෙල්වම් දිනකට රුපියල් 59,000 ක් ද ලබමින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්ව සිටිති. පසුගිය වසරේ කණ්ඩායමේ මෙවර ද රදවා ගත් ක‍්‍රීඩකයන්ට අමතර 10% ගෙවීමක් ඇතුළත් වන අතර ඒ අනුව සඳුන් හේරත් සහ අනුරුද්ධ විල්ලර වැඩිම ගෙවීම ලබන දේශිය ක‍්‍රීඩකයන් වන බවත් වාර්තා වේ.