කාල්ටන් රග්බි තරගාවලියේ කණ්ඩායම් ගණන 12 ට නගී
ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2013) කණ්ඩායම් සංඛ්‍යාව 12 ක් දක්වා වැඩි කරන බවත් නව කණ්ඩායම් දෙක විදේශිය අයිතකරුවන් දෙදෙනකුට අළෙවි කිරීමට අදහස් කර ඇති බවත් කාල්ටන් රග්බි තරගාවලියේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් සිම්ප්කින් මහතා පැවසීය.
”නව කණ්ඩායම් දෙකේ අයිකරුවන් දකුණු ආසියාවෙන් සහ නැගෙනහිර ආසියාවෙන් තෝරා ගැනීමට යෝජනා වී තිබෙනවා. තාරුණ්‍යයට හෙටක් සංවිධානයත් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගත යුතුයි” යැයි සිම්කින් මහතා පැවසීය.

