කාලගුණේ සූදානම් ශරීරයෙන් දිගටම


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි සුළි කුණාටුව ලංකා ඇතුළු නොවූවත් අනතුරු ඇඟවීම අදටත් බලපවත්වයි. මන්නාරම සිට යාපනය සහ මුලතිවු හරහා ත්‍රීකුණාමළය දක්වා මුහුදු ප්‍රදේශය ඉතා රළු වන බැවින් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයනට හා නාවිකයනට උපදෙස් දෙයි. මධ්‍යම රාත්‍රිය වන විට මුලතිව් සිට කි.මී. 100 ක් පමණ නැගෙනහිරින් ස්ථාන ගතව පැවතුණු සුළිකුණාටුව අද දහවල් 12.00න් පසුව දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කියන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරුමැද, උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල තවදුරටත් තද  වැසි සහ තද සුළං පවතිනු ඇති බවද, දිවයිනේ සෙසු ප්‍රදේශ වලද විටෙක තද වැසි ඇතිවන බව ද කියයි.