කාලගුණේ ලංකාව බේරයි
දැඩි පීඩන අවපාතයෙන් වර්ධනය වූ සුළි කුණාටු තත්ත්වය අළුයම 3.30 දක්වාම දිවයිනට ඇතුළු නොවූ බවත් දැනට එහි හැසිරීම අනුව එය මුලතිව් සිට කන්කසන්තුරේ දක්වා වෙරළ තීරය ඔස්සේ ඉන්දියාව දෙසට ඇදී යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාව සමීපයේදී එහි ප්‍රබලත්වය බොහෝ සෙයින් අඩුවී ඇති බවයි. තද සුළං සහ තද වැසි හට ගත්ත ද සුළි කුණාටු තත්ත්වයක් ඇතිනොවන බව ද ඔවුහු පවසති.

