(ඩයනා උදයංගනී)
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල උස් රළ ඇතිවී මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම අවදානම හෙට (12) දිනයේදීත් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් ධීවර ප්‍රජාව සහ වෙරළාසන්න ප්‍රදේශවල පදිංචි ජන්තාව විමසිලිමත් විය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

