කාරය සොහොනක් වී විධායකයා දැවේ


නාරාහේන්පිට උද්‍යාන පාරේදී අද අලුයම කාරයක් තාප්පයක වැදී ගිනි ගෙන එහි සිටි කොළඹ පෞද්ගලික සමාගමක විධායකයකු දැවී මිය ගිය බව පොලීසිය කියයි. ඔහු ගැන ලැබෙන තොරතුරු පරීක්ෂා කරන බවත්, ඒ අනුව මරණයට හේතුව අභිරහසක්ද නැද්ද යන්න තීරණය වනු ඇති බවත් පොලීසිය පවසයි.