කාපට් පාරේ කෑලි නෑ


පාලින්ද නුවර ලත්පදුර ඓතිහාසික සුමන සමන් දේවාලය ඇතුළු නිවාස 15 ක් අනතුරට ලක් කරමින් මුත්තෙට්ටු කන්දේ කොටසක් ගංවතුරින් නාය ගියේය.

කන්ද පුපුරා වතුර පාරක් මතුවීම නිසා අසල පදිංචිව සිටි පවුල් වල 49 දෙනෙකු ලත්පදුර ශ්‍රී ගංගාරාමයේ බණ මඩුවේ සිටිති.  මෙම කන්ද තව දුරටත් පුපුරා යාමට ඉඩ ඇති නිසා අවට පවුල් ආරක්ෂාකාරී ස්ථාන වලට යන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය උපදෙස් දෙයි.

මෝල්කාව අලුත් හංදිය අසල සිට කලවාන මාර්ගයේ ස්ථාන කිහිපයක්ම නාය යෑමට හසුව තිබේ.

මෝල්කාව බෝගහහේනේ දැවැන්ත පස් කන්දක් කුකුලේ ගඟ ප්‍රධාන පාරට කඩා වැටි ඇත.

කුකුලේ ගඟ විදුලි බලාගාරය අසලින් අයගම උඩුගම දක්වා ඇති මාර්ගය නාය ගොස් ඇත.