කාන්තාවන් රට යද්දී පවුල් පසුබිම් වාර්තා ගැනීම ගැන යළි සළකා බලයි


අජන්ත කුමාර අගලකඩ

කාන්තාවන් විදේශ ගතවීමේදී  ඔවුන්ගේ පවුල් පසුබිමේ වාර්තා ලබා ගැනීම සඳහා ගෙන ඇති තීරණය නැවත සළකා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (21) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම කමිටුව පත්කර ඇත.

ආචාර්ය සරත් අමුණුගම විජයදාස රාජපක්ෂ , හරීන් ප්‍රනාන්දු , තලතා අතුකෝරළ සහ චන්ද්‍රානි බණ්ඩාර  යන  ඇමැතිවරුන් එම කමිටුවට පත්කර ඇතැයි වාර්තාවේ.

කාන්තාවන් විදේශ ගතවීමේදී ඔවුන්ගේ පවුල් පසුබිම් වාර්තා ලබාගැනීමට ගෙන ඇති තීරණය ඉවත් කරන ලෙසට ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මෙම කමිටුව පත්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.