(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
ඉරුදින පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

