පොලිස් සැරයන්වරයකු අල්ලස් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසියේ සාමාජිකයන් පැය භාගයක් දණ ගස්වා තැබීම ගැන එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් අද පරීක්ෂණ ඇරැඹීය.
එම සිද්ධියට භාජනය වූ 120ක් පමණ පොලිස් සාමාජිකයනගෙන් කටඋත්තර ගැනීමද අද උදේ ඇරැඹිණි.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ අල්ලස් ගැනීමේ ආදීනව ගැන පොලිස් සාමාජිකයන් දැනුම්වත් කළ නමුත් දණගැස්වීමක් හෝ දඩුවමක් නොකළ බවයි.