(දිනෙෂ් උපේන්ද්‍ර)
පන්නල ඇලබඩගම ප්‍රදෙශයේදී හෙරොයින් ග්‍රෑම් 2.7ක් සමගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුසංක මේ මස 9 දක්වා තවදුරටත් රක්ෂත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රත් ජනනි ශශිකලා විජේතුංග මහත්මිය අද(2) නියම කළාය.
ඉකුත් 24 දා පන්නල පොලිසියේ දූෂන මර්ධන ඒකකයේ නිළධාරීන් ට ලද තොරතුරකට අනුව අදාල වැටලීම සිදුකර ඇති බව පන්නල පොලිසිය විසින් අධිකරනයට කරුණු දැක්විය.
එහෙත් පොලිසිය මෙහිදී කටයුතු කළ ආකාරය පිලිබදව ගැටලුකාරී තත්වයක් පවතින බැවින් ඉදිරි දිනයේදී සාක්ෂ්‍ය සම්පින්ඩන වාර්තාවක් කැදවන ලෙසට ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් කරුනු කී නීතින්නයින් පෙන්වාදුන්නා.
කෙසේවෙතත් පොලිසිය මෙහිදී නිසි පරිදි කටයුතු කළ බවත් අතඩංගුවට ගැනීම නීත්‍යානුකූල අන්දමින් සිදුකළ බවත් පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
පන්නල පොලිසියේ සැරයන් ජිනදාස (49241) මහතා පැමිනිල්ල වෙනුවෙන් කරුණු කී අතර නීති සංජය ආරියදාස , ප්‍රමෝද්‍ය තිලකරත්න යන මහත්වරුන් සැකකාර ක්‍රීඩකයා වෙනුවෙන් පෙනී සිටියහ.

