කළුවිතාන මුනිවත රකී


ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායම මෙතරම් කාලයක් ජයග්‍රහණ ගත්තත් ඒ ගැන නිසි ප්‍රචාරයක් ලබා නොදුන් මාධ්‍යය ඒ කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ සිද්ධියක් සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ලබා දුන් බවත්, එම සිද්ධිය ගැන අදහස් දැක්වීමට තමා අකමැති බවත් ‘ඒ‘ කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කළුවිතාන  කියයි.

අමිත රඹුක්වැල්ල ගුවන් යානයකදී හැසිරුණැයි කියන ආකාරය ගැන ‘එසැණ‘ කළ විමසුමකට පිළිතුරු දෙමින් කළුවිතාන එසේ පැවසීය.

තමාද ක්‍රීඩා කළ 1996 ලෝක කුසලානය ගෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය හා දැන් විනය සලකා බැලීමේදී විශාල වෙනසක් දැකිය හැකිදැයි විමසූ විට කළුවිතාන මහතා පැවසුවේ ඒ ගැනද අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.