කළුතර මරණ දෙකයි


ගංවතුරින් කළුතර දිසාවේ මරණ දෙකක් සිදුවිය. බේරුවල ගැමියකු ගංවතුරේ ගසාගෙන යෑමෙන්ද, හොරණ වැසියකු සිය නිවසට ගසක් වැටීම නිසා ඇතිවූ කම්පනයෙක්ද , මේ මරණය සිදුවිය. නිවාස 108කට හානි සිදුවී ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහක පවුල් 196ක් අවතැන් වී සිටින බව දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතා කියයි.