කළුතර ප‍්‍රා.සභාපති රිමාන්ඞ්.
කට්ටි කඩා විකිණීමට යන අක්කර 7ක පමණ ඉඩමක මාර්ග සැලැස්ම අනුමත කිරීමට ඉඩම් හිමිකරුගෙන් රුපියල් තිස් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට කළුතර ප‍්‍රාදේශීය සභාපති. ඩබ්ලිව්.ජී ලක්ෂ්මන් හා සහායක ඉන්දික ප‍්‍රියංකර ලබන 7 වෙනිදා තෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. අල්ලස් කොමිසම ඔවුන් අත් අඩංගුවට ගත්තේය.

