කළුතර ප‍්‍රා. සභාපති යළි රිමාන්ඞ්
කළුතර ඉඩම් වෙන්දේසි කරුවකුගේ ඉඩමකට පිවිසුම් මාර්ග අනුමත කිරීම සඳහා රුපියල් තිස්ලක්‍ෂයක අල්ලසක් ගත්බව කියන කළුතර ප‍්‍රාදේශිය සභා සභාපති විදාන පතිරණගේ ලක්‍ෂ්මන් හා ඔහුගේ කාර්යාලයේ කාර්ය සහායක ඉන්දික ප‍්‍රියශාන්ත යලිත් ලබන 21 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය.

