කළු සල්ලි සුදු කරන්න ගිහින් උසාවියේ


කොළඹ මහාධිකරණය ඉදිරිපිට දී පසුගිය දා පැහැරගත් සිරකරු වේලායුදන් නෝනිස් චන්ද්‍රපාලන් හෙවත් මර්වින්ගේ බිරියට කළු සල්ලි නඩු දෙකක් කොළඹ මහාධිකරණයේ  පවරා ඇත. ඇගේ සැමියා හෙරොයින් කුඩු විකිණිමෙන් ලත් කළු සල්ලිවලින් ඉඩම් දෙකක් හා මිට්සුබිෂි ජිප්රියක් මිලට ගත්තැයි නීතිපති විසින් සුබ්‍රමනියම් රමණීට එරෙහිව මේ නඩු ගොනු කෙළේය. කැලණිය ඩබ්ලිව්.ජී. එමලින්ගේ අනුදැනුම මත රුපියල් පනස් ලක්ෂයක් වටිනා දේපොළ මිලට ගෙන ඇති බවත් ටෙනීසස් ජයපාලන් චාමින්ගේ අනුදැනුම මත ජිප් රිය මිලට ගත් බවත් පැමිණිල්ලේ දැක්වේ. රුපියල් පන් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් පන් ලක්ෂයක ශරීර ඇප මත ඇය මුදාහළ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා විභාගය අගෝස්තු දෙවැනිදාට කල් තැබීය.