කළු කෝට් දෙකක් උසාවියේදී ගැටේ
සේවාදායකයකුගේ නඩුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත කොළඹ රථවාහන අධිකරණයේදී නීතිවේදියකුගේ ටයි පටියෙන් ඇදගෙන ගොස් පහර දුන් තවත් නීතිවේදියකු අධිකරණයේදී සමාව අයැදීමෙන් අනතුරුව ඔහු නඩුවෙන් මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (9) නියෝග කළේය.
නීතිවේදී තේජෝ කීර්ති මහතා තමාට පහර දුන් බවට තීතිවේදී චන්ද්‍රා ජයසේන මහතා කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කෙළේය.
විත්තිකරුට තරයේ අවවාද කළ මහේස්ත‍්‍රාත්වරයා නීතිඥවරුන්ගේ ක‍්‍රියාකලාපය යහපත් විය යුතු බවට සැළකොට නඩුව සමථයකට පත් කළේය.

