කළමැටියේ ධීවර යාත්‍රා පහක් මුහුදට බිලි


(සනත් ගමගේ)

හුංගම කළමැටිය මා දැල් ධීවර වරායේ  නතර කර තිබූ බෝට්ටු පහක් දැල් ආම්පන්න සමඟ මුහුදට ගසාගෙන ගොස් ඇති බව කළමැටිය ධීවරයෝ පවසති.

අධික ජල ගැලීම් හේතුවෙන් හුංගම කච්චිගල් ආරේ පැමිණි මහා ජල කඳ හේතුවෙන් මෝය කට කඩා ගෙන යෑම නිසා වෙරළේ නතර කර තිබූ මෙම ධිවර යාත්‍රා මුහුදට ගසා ගෙන ගොස් ඇත.

“ අපේ බෝට්ටු සහ  ආම්පන්න  මහ මුහුදට ගසාගෙන ගියා. එක් අයෙකුට ලක්ෂ 11 ක 12 ක පමණ පාඩුවක් සිදු වි තිබෙනවා.සිදු වු විපතට පිහිට වන්න කියලා අපි වග කිව යුතු අයගෙන් ඉල්ලා සිටිනවා.“යැයි කළමැටිය ධීවර වරායේ  ධිවර කාර්මික කේ.පී ලාල් මහතා  පවසයි.