කළමනාකාර මණ්ඩලය අහෝසි කළේ දෙපාර්ශ්වයේ එකඟතාවයෙන්


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කළමනාකාර මණ්ඩලය අහෝසි කළේ කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග සාකච්ඡ කිරීමෙන් පසුව දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් බව පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරි  කි‍්‍රෂාන්ත පෙරේරා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඇතැම් අය දක්වන අදහස් නිවැරදි නොවන බවත් කී‍්‍රඩා ඇමැතිවරයා සමග  පැවැති සාකච්ඡ වලදී කළමනාකාර මණ්ඩලයේ සභාපතිධුරය දැරූ මනිලාල් ප‍්‍රනාන්දු මහතා ඉතා පැහැදිලි ලෙස එය විසුරුවා හැරීමට එකඟතාවය පළ කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

”පාපන්දු කී‍්‍රඩාවේ සංවර්ධනය උදෙසා කී‍්‍රඩා ඇමැතිවරයා හා පාපන්දු  සම්මේලනය එක්ව සුහදතාවයෙන් කටයුතු කරන්න අප තීරණය කළා.  දිවයිනට කැඳවන බ‍්‍රසීල පාපන්දු පුහුණුකරුගේ වියදම් සඳහා ඩොලර් 5000ක් දෙන්නත් කී‍්‍රඩා ඇමැතිවරයා අපත් සමග එකඟවී තිබෙනවා” යයිද කි‍්‍රෂාන්ත පෙරේරා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු  මන්තී‍්‍ර රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාත් කී‍්‍රඩා ඇමැතිවරයා සමග සාකච්ඡ කළා. ඇතිවූ එකඟතාවය මත  පසුගියදා රැස්වූ විධායක සභා රැුස්වීමේදී කළමනාකාර මණ්ඩලය අහෝසි කරන්නත්  එහි සභාපති ධුරයේ කටයුතු කළ මනිලාල් ප‍්‍රනාන්දු මහතා කැමැති වුණා.
”ඒ එකඟතාවයට අනුවයි ඔහු එම ධුරයෙන් ඉවත් වෙන්නත් තීරණය කළේ” යයි පෙරේරා මහතා ”ලංකාදීප”යට පැවසීය.

පාපන්දු සම්මේලනයේ විධායක සභා රැස්වීමේදී කළමනාකාර මණ්ඩලය අහෝසි කිරීමට ගෙන තිබූ යෝජනාව සම්බන්ධයෙන් විධායක සභිකයන්ගෙන් යම් යම් මත පළවුවත් අවසානයේදී විධායක සභාව  එකඟවූයේ කී‍්‍රඩා ඇමැතිවරයාගේ  යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට බවත් පාපන්දු  සම්මේලන  විධායක නිලධාරිවරයා පවසයි.