කහවත්තේ වී මෝල් හිමියා රිමාන්ඩ්
කහවත්ත කොටකෙතන වරාපිටියේ දී අක්කා නගෝ දෙදෙනකු ගිනි තබා ඝාතනය කෙළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔවුන්ගේ ඥාති පුත් කේ.ඒ. නන්ද ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය අද නියෝග කළාය. සැකකරු වී මෝල් හිමියෙකි.

