කහවත්තේ භීතිය හුඹස් බයක්


කහවත්තේ සහෝදරියන් දෙදෙනාගේ සිද්ධිය ද්විත්ව මිනී මැරුමක් සේ සලකා පරීක්ෂණ කරගෙන යන බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ සහ විදුලි ඉංජිනේරු වාර්තා ලැබීමට නියමිත බවත්, ඒවා ලැබුණු පසු නිසැකවම එය දැනගත හැකි වනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම ප්‍රදේශයේ මහා භීතියක් ඇති බවට සඳහන් කරුණු සාවදය බවත්, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසිය කටයුතු කරන බවත්, මෙහි මීට පෙර සිදුවුණු සියලු අපරාධ විසඳූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණවලට යොදවා ඇති බව ද අජිත් රෝහණ මහතා කියයි.