කහවත්තේ පරීක්ෂකයන් හිටිගමන් මාරු
රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පද්මසිරි ගාල්ලට ද කහවත්ත පොලිස් ස්ථානාධිපති නිරන්ජන් අබේවර්ධන පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයට ද මාරු කරනු ලැබ සිටිති.
කොටකෙතන පොලිස් මුරපොළ භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා ද කොටකෙතන ඝාතනසම්බන්ධ පරීක්ෂණ පැවැත්වමට කොළඹ අපරාධ කොට්ඨාශ ඒකකය කහවත්තට යවන ලද රොහාන් ඕලුගල මහතා ද කොළඹට කැඳවා ඇත.
මේ සිව්දෙනාම කහවත්ත ඝාතන සම්බන්ධ පරීක්ෂණ කරමින් සිටි අයයි. කහවත්ත ඝාතන ගැන පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් නිලධාරීන් මීට පෙර ද මාරු කරනු ලැබූහ.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා රත්නපුරයට මාරු කැර ඇත.

