කහවත්තේ තව සැකකරුවකුට නීතිඥ සහය ලැබේ


කහවත්ත ද්විත්ව ඝාතනයේ තෙවැනි සැකකාර ත‍්‍රිරෝද රියැදුරු නන්දන ජයසේකර හෙවත් චූටිමල්ලී වෙනුවෙන් අද පළමු වරට නීතිඥවරයෙක් පෙනී සිට මහාධිකරණයේ ඇප ඉල්ලීම සඳහා සම්පූර්ණ නඩු වාර්තාව ඉල්ලා සිටියේය. එය ප‍්‍රතික්ෂේප කළ චාන්දනී නිරංජලා ඩයස් පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරිය, මුල්ම දින වාර්තාවේ ද අද දින වාර්තාවේ ද පිටපත් නිකුත් කරන ලෙස නියෝග කළේය. නයනා නිල්මිණි (52) හා ඇගේ දියණිය කවින්ද්‍යා චතුරංගනී (18) මරා දැමී යැයි දෙවැනි සැකකාර රසිකා චාන්දනී උදයකුමාරි (අශෝකා) ද ඇගේ සැමියා වන පළමු සැකකරු දර්ශන හෙවත් රාජු හා සිව්වන සැකකරු වන ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්.එච්. ධර්මසිරි යන සැකකරුවෝ ද පැමිණ සිටියහ. ඔවුන් වෙනුවෙන් අද නීතිඥවරු නොවූහ. ගොඩකවෙල ප‍්‍රා. සභා රැස්වීම අඟහරුවාදා (29) පැවැත්වීමට නියමිතය. පොලිස් ආරක්ෂාව සහිතව ධර්මසිරි එහි රැගෙන යාමට නියමිතය.