කහවත්තට පොලිසියේ හමුදාවේ 700 ක්


කහවත්ත කොටකෙතන ඝාතන ඇතුළු අපරාධවලින් පසුව එහි ගම්වල ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නීලදුර ගමේ පිහිටැවිණි. දැනට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ 700 ක් පමණ එහි සිටිති. කහවත්ත  ඕපාත වතු යායේ පරණ රෝහල් ගොඩනැගිල්ලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ තවත් කඳවුරක්ද ඇත. කහවත්ත පොලිස් මුරපොළේ පොලිසියේ තිස් දෙනෙක් සිටිති. කහවත්ත පොලිසියට තවත් 130 දෙනෙක් යවනු ලැබ සිටිති.