කහවත්ත පොලිස් මාරුව ලත් තැනම ලොප්


කහවත්ත පොලිස් ස්ථානාධිපති මාරුව වහාම අවලංගු කළ බව පොලිසිය කියයි. පොලිස් පරීක්‍ෂක නිරංජන් අබේවර්ධන මහතා පෙරදින උදෑසන මාරු කැර විසිහතර පැයක් ගත වන්නටත් පෙර යළි අවලංගු කැරිණි. කහවත්ත අබිරහස් ඝාතන ඇතුළු අපරාධ ගැන පරීක්‍ෂණ පවත්වමින් සිටි ඔහු ඇතුළු නිලධරයන් මාරු කළැයි කහවත්තේ කළුකොඩි ඔසොවා කඩ සාප්පු ද වසා දමා තිබීණි.