කහවත්ත ඝාතනයේ සැකකරුවකුට නීතීඥ සහාය
කහවත්තේ මවත් දියණියත් මරා දැමීමේ නඩු භාණ්ඩ වන ත්‍රීරෝද රියක්, කවිච්චියක් හා කරාබු කුට්ටමක් රහස් පොලීසිය අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි වෙනුවෙන් අද නීතීඥවරු දෙදෙනෙක් පෙනී සිටියහ. ඔහුට ප්‍රාදේශීය සභා රැස්වීමට යාමට අවසර දෙන්නැයි ඔවුහු ඉල්ලූහ.
පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය කීවේ ඒ සඳහා බලය ඇත්තේ බන්ධනාගාර කොමසාරිස්ට බවත්, ඒ සඳහා ඔහුගෙන් අවසර ගත යුතු බවත්ය.
ලොකුගම් හේවගේ දර්ශන නොහොත් රාජු, ඔහුගේ බිරිය වන මොරපිටියගේ රසිකා චාන්දනී උදය කුමාරි (31), ජයසේකර විතානලාගේ සනත් නන්දන හෙවත් චූටි මල්ලි සහ ලොකුගම් හේවගේ ධර්මසිරි මැයි 28දා තෙක් නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.

