කහවත්ත අදත් උණුසුම් වෙයි
කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි හා කවින්ද්‍යා චතුරංගී ඝාතනයේ සැකකරුවකු වන ප්‍රදේශිය සභා මන්ත්‍රී එල්.එච්. ධර්මසිරිගේ සහෝදරයකු හා ඔහුගේ බිරිය අද ඔවුන්ගේ නිවසර පැමිණි අවස්ථාවේ 500ක් පමණ ගැමියෝ විරෝධය පළකරන්නට වූහ. ගැමියෝ ධර්මසිරි හා සෙසු සැකකරුවන් ගැන නොයෙක් දේ කියමින් කෑගසන්නට වූහ.
වසා දමා තුබූ එම ගෙයට පැමිණි එම දෙදෙනා දැඩි ආරක්ෂාව මැද්දේ ත්‍රීරෝද රියකින් ඉවත්කිරීමට පොලිසියට සිදුවිය. යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසියේ 200ක් පමණ දෙනා සාමය රැකීමට පැමිණ සිටියහ.

