(ඉන්දිකා රාමනායක)
ග‍්‍රෑන්ඞ්පාස් මහවත්ත ප‍්‍රදේශයේ නිවසක කුලියට රැදී සිටිමින් නීති විරෝධී මත්පැන් පෙරීම ඇතුළු ජාවාරම්වල නිරත වෙමින් සිටි බව කියන චීන ජාතිකයින් සිව් දෙනකු අද (17) ගෝඩා සහ නීති විරෝධී සිගරට් සමග අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
මොවුන් සතුව නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 100 ක්, නීතිවිරෝධී සිගරට් 21,000 ක් සහ වල්ලපට්ටා කිලෝ 1 ක් තිබු බව පොලිසිය කියයි.
නීති විරෝධී සිගරට් තොගයක් වෑන් රථයකින් ප‍්‍රවාහන කරමින් සිටි චීන ජාතිකයකු කොල්ලූපිටිය පොලිසිය විසින් කොල්ලූපිටිය නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම කර තිබේ.
මෙම චීන ජාතිකයින් 2011 වසරේ සිට මෙරට රැදී සිටිමින් රැකියාවන් වල නිරත වී ඇති බවත් මෙම මස ඔවුන්ගේ වීසා කාලය අවසන් වන බවත් පොලිසිය පවසයි.

