ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමෙි කටයුතු සදහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙින්තුවෙි අද (17) පස්වරුවෙි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 63,987 ක් වාර්තා වී තිඛෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 200 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවට වඩා සංවර්ධනය වී ඇති ඇමරිකාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලත් ඩෙංගු රෝගය පැතිර යනවා. නාගරීකරණයත් ඩෙංගු රෝගය පැතිරයාමට බලපා ඇති තවත් හේතුවක් වෙනවා“
“ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා 2016 වසරේ දී ධූමායන යන්ත්‍ර 500 ක් ද, 2017 වසරේ දී ධූමායන යන්ත්‍ර 175 ක් ද ඛෙදා දි තිඛෙනවා. මදුරු මර්දන සහායකයින් 412 ක් මේ වනවිට බඳවා ගෙන ඇති අතර, ඩෙංගු මදුරු කීටයින් හමුවන ස්ථානවලින් අය කරන දඩ මුදල ද ඉහළ දමා තිඛෙනවා.
“කසල ප්‍රශ්නය කළමණාකරණය කිරිම මෙහිදී ඉතාම වැදගත්. ඒ සදහා ජනාධිපතිවරයා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්. ගංවතුර හේතුවෙන් ඩෙංගු වසංගතය වැඩිවී තිඛෙනවා. ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් දරුණු විය හැකියි. ත්‍රීවිධ හමුදාව යොදවා කැළිකසල ඉවත් කිරීමට පියවර ගත යුතු බව මම ජනාධිපතිවරයාට යෝජනා කළා.” යයිද ඇමතිවරයා පැවසීය.
තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකචිඡා කර ශ්‍රි ලංකාවට ආනයනය කරන ඩෙක්ට්‍රෑන් ඖෂධ තොග ප්‍රමාණය වැඩි කිරිමට තීරණය කළ බව කී ඇමතිවරයා දෛනිකව ඩෙංගු තත්ත්ව වාර්තාවක් සකස් කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර තිඛෙන බවත් පැවසීය.

