කසල තේ ලොරියක් කනන්කෙන් අල්ලයි
අකුරැස්සේ සිට කොළඹට කසල තේ කිලෝ 4500ක් ප්‍රවාහනය කළ බව කියන ලොරියක් ඉමදූව කනන්කේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉස්තරම් තේ වලට කසල තේ මුසුකොට පිටරට යවති කියන කොළඹ ව්‍යාපාරිකයකු පිළිබඳව ලැබුණු තොරතුරකින් පසුව මෙම වැටලීම සිදුවිය.

