කසල තේ දඩය ලක්‍ෂයයි


කසල තේ කිලෝ 23782 ක් ගබඩා කැරගෙන සිටි බවට වරද පිළිගත් ව්‍යාපාරික අබ්දුල් ජවාඞ් මොහොමඞ්ට රුපියල් ලක්‍ෂයක දඩ නියම කළ අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් බී.ඞී. රුවන් සිසිර කුමාර මහතා එම තේ තොගය පොහොර හැදීම සඳහා පන්නල මාකඳුර රජයේ ගොවිපොළට බාර දෙන ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කෙළේය.