කසල තේ කිලෝ 2000ක් කොටගලින් අල්ලයි


රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක 
 
ලොරි රථයක ප්‍රවාහනය කරමින් තිබූ  කසල තේ කිලෝ 2000 ක් කොටගල ක්‍රීඩා පිටිය අසල දී  සොයා ගත් බව  දිඹුල-පතන පොලීසිය කියයි. 
 
මෙම කසල තේ තොග වශයෙන් රැගෙනවිත් රහසිගතව හොඳ තේකුඩු සමග මිශ්‍ර කර අලෙවි කිරීම සිදුකරන බවට සැකකරන බව පොලිසිය පවසයි.