කලාප ලොක්කා බාලිකාව අරක්ගෙන


පිළියන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නීති විරෝධි අන්දමින් එම කලාපයේ බාලිකා පාසලක පන්ති කාමර දෙකක් නේවාසිකාගාරයක් බවට පත් කර එහි වාසය කරන බවත්, මේ ගැන පළාත් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි කර ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පළාත් අධ්‍යාපන ලේකම්වරිය දෙවතාවක් ලිඛිතව දැනුම් දී ඇතත් ඔහු එහි සිටිතියි ස්ටාලින් මහතා පවසයි. පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවේ එම අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපය ගැන නැවත වරක් සොයා බලන ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් දුන් බවත් යි. දීර්ඝ කාලයක සිට එලෙස සිටින අධ්‍යක්ෂ ගැන හැකි ඉක්මණින් තීරණයක් ගන්නා බවද ලේකම්වරිය කියන්නීය.