කලාකරුවෝ අගැයෙති


චිත‍්‍ර හා මුර්ති තලාවේ හරවත් බව පොදු ජනතාව අතරට ගෙනයාම හා ඒ වෙනුවෙන් කැපවූ විශිෂ්ඨතම උපහාර දැක්වීමේ අරමුණින් සංවිධානය කෙරුණු ”රාජ්‍ය චිත‍්‍ර හා  මුර්ති උළෙල 2012” කොළඹ ජෝන්ද සිල්වා සමරු රඟහලේදී අත් උත්කර්ෂවත් අන්දමින් අද පැවැත්විණි. සංස්කෘතික හා කල කටයුතු  අමාත්‍යාංශයේ සංවිධානයෙන් පැවැත්වූ මෙහිදී චිත‍්‍ර කලාවට අනභිබවනීය සේවයක් කළ  මොටාගෙදර වනිගරත්න, සිබිල් වෙත්තසිංහ හා නොයෙලීන් ප‍්‍රනාන්දු යන කලා ශිල්පීන් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ”අපේ සිත්තරු” සම්මානයෙන් පිදුම් ලදහ. පාර්ලිමේන්තු මන්තී‍්‍රනී මාලනී ෆොන්සේකා මහත්මිය මෙහි ප‍්‍රධාන ආරාධිතයා වුවාය. මොටාගෙදර වනිගරත්න සිබිල් වෙත්තසිංහ  නොයෙලීන් ප‍්‍රනාන්දු