කලා වැව සිඳෙයි


රජරට නියඟයත් සමග කලාවැව ජල මට්ටම අද පෙරවරුවේ අක්කර අඩි 11300ක් දක්වා පහළ ගියේය. අක්කර අඩි 10000 දක්වා අඩුවූ විට වම් සොරොව්වද, අක්කර අඩි 1000 දක්වා අඩුවූ විට දකුණු සොරොව්වද වැසී යයි. එහි මුළු ධාරිතාව අක්කර අඩි ලක්ෂයකි. කලාවැව අවට වගාබිම් හෙක්ටයාර විසිපන්දාහක් පැල ගොයම අනතුරට පත්වීමේ අවදානමක් ඇතැයි නිලධරයෝ කියති. එකම බලාපොරොත්තුව වැස්සයි. වැහි කළුව ඇතත් වැසි නැතැයි ගොවියෝ දුක්වෙති.