කල්තියාම සැරැසේ
ලොව න්‍යෂ්ඨික ආපදාවකදී ලංකාවට සිදුවිය හැකි ආපදා තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා න්‍යෂ්ඨික අනතුරු පූර්ව දැනුම්දීමේ පද්ධති පහක් දිවයිනපුරා ස්ථාපිත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඔරුගොඩවත්ත, පුත්තලම, තලෙයිමන්නාරම, මන්නාරම, ඩෙල්ෆ් හා කන්කසන්තුරේ මෙම අනතුරු ඇඟවීමේ පද්ධති පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා නාවික හමුදාව ඒකාබද්ධ වීමෙන් බවද එම අමාත්‍යාංශය කියා සිටී.
එවැනි න්‍යෂ්ඨික අනතුරු පූර්ව දැනුම්දීමේ පද්ධති තුනක් මහනුවර, ගාල්ල හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවලත් පිහිටුවීමට නියමිතය.

