කල් පැන්න බේත් වික්ක ෆාමසිය ගැන සොයයි


කොළඹ පෞද්ගලික රෝහලක ෆාමසියකින් දැරියකට කල් ඉකුත්වූ බෙහෙත් නිකුත් කළ බවට ඇගේ පියා කළ පැමිණිල්ලක් අනුව පාරිභෝගික සේවා අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

කල් ඉකුත්වූ බෙහෙත තුන් දිනක්ම තම දියණියට දී ඇති බවත්, ඇය කිසිම සුවයක් නොලද බවත් පාරිභෝගික අධිකාරියට කළ පැමිණිල්ලේ දැක්වේ.