
(රංජිත් රාජපක්ෂ)
කල් ඉකුත් වූ සංචාරක වීසා සහිතව ලංකාවේ රැඳී සිටිමින්, හැටන් නගරයේ ජ්‍යෙතිශ්‍ය කටයුතුවල නියැලී සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු අද(17) සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් නගරයේ බස් නැවතුම්පොළ අසළ කඩ කාමරයක් කුලියට ගෙන ජ්‍යෙතිශ්‍ය කටයුවල නියැලී සිටි බවත්, ඉන් සැකකරුවන් දෙදෙනෙකුට නිකුත් කර තිබු සංචාරක වීසා කල් ඉකුත් වී මාස හයක් පමණ ගතවෙන බවත් හැටන් පොලිසිය කියයි.
මොවුන් ඉන්දියාවේ බැන්ගලෝරයේ සිට පැමිණි අය බවත්, සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නියැලීමට ඔවුන්ට නොහැකි බව හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

