කලටුවාව ජලාශයට ජලය සැපැයෙන ඉහළ පෝෂක කලාපවල පවතින දැඩි වියලි කාලගුණය නිසා එම ජලාශයේ ජල මට්ටම අඩි 38.5 දක්වා අඩු වී ඇතැයි වැඩ බලන ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහකාර ජේ.කේ.ටී. ද අල්විස් මහතා කියයි. ඝන අඩි 86000ක් නිකුත් කළ ජලාශයෙන් මේ වන විට නිකුත් කරනුයේ ඝන අඩි 60000කි. එබැවින් අරපිරි මැස්මෙන් ජලය පරිහරණය කරන්නැයි ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටී. මීට වසර 20කට පමණ පෙර එහි ජල මට්ටම අඩි 42 දක්වා අඩු වූ බව අල්විස් මහතා පෙන්වා දෙයි.