කලකිනි මිනිසත් බව ලැබගන්නේ
පවුල් ප්‍රශ්න, ප්‍රේම සබඳතා, රැකියාවේ ප්‍රශ්න, ආදර සම්බන්ධතා, මතට ඇබ්බැහිවීම, දේපොළ අහිමිවීම, මානසික ව්‍යාකූලතා, සමීප ඥාතීන් මියයාම වැනි හේතු නිසා 2010 සිට 2012 මැද දක්වා 9412 දෙනෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
2010 සිට 2012 දක්වා රත්නපුර හා අනුරාධපුරයෙන් වැඩිම පිරිසක් සියදිවිහානිකරගෙන ඇති බවත්, 40-55 අතර පිරිමින් ඊට වැඩියෙන්ම ගොදුරු වී ඇති බවත්, අවුරුදු 16ට අඩු ළමයින් 41 දෙනෙකු එම තුන් වසරේ දිවි තොරකැරගෙන ඇති බවත් ඔහු කියයි.
යම්කිසි තැනැත්තෙකුට සිය පන හානි කර ගැනීමට තවත් තැනැත්තෙකු අනුබල දෙන්නේ නම් එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක් සඳහා ආධාර අනුබල දුන් තැනැත්තාට මරීය දඩුවමින් දඩුවම් කළ හැකිය.
2010 වසරේ පිරිමි 2914ක් ද, ගැහැණු 950ක් ද දිවි නසාගෙන ඇත.
2011 පිරිමි 2939ක් ද, ගැහැණු 397ක් ද දිවි නසාගෙන ඇත.
2012.06.30 දක්වා පිරිමි 1381ක් ද, ගැහැණු 397ක් ද දිවි නසාගෙන ඇත.

