කලකදි වහලු කලකදි රස වෙනවාලු


ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසක් සිදු කිරීමට අවශ්‍ය පරිසරය මේවන විට නිර්මාණය වී ඇතැයි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.

ජිනීවා නුවරදී ඊයේ (2) ආරම්භවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසියට සහභාගීවූ සාමාජික රටවල් 47 ක නියෝජිතයෝ අමතමින් රාජ්‍ය ලේකම්වරයා එසේ කීවේය.

ශ්‍රී ලංකාවේ නව රජය ලබාදී ඇති පොරොන්දු සහ නව යෝජනා ක්‍රියාත්මක කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සිල සහාය මේවනවිටත් ලබාදී තිබෙන බවද කෙරී කීවේය.