කරුණානිධිගේ පඹයා කොළඹදී පුළුස්සයි


ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධිගේ මූලිකත්වයෙන් තමිල්නාඩුවේදී පැවැත්වීමට යතියි කියන ඊළාම් සමුළුවට විරෝධය පළ කරමින් ‘ජාතික සංවිධාන එකමුතුව‘ සංවිධානය කළ උද්ඝෝෂකයන් කොළඹ තර්ස්ටන් පාරේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවස ඉදිරිපිටදී අද පැවැත්විණ. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ජාතික හෙළ උරුමය ඇතුළු ජාතික සංවිධාන කීපයක් එකතුවී මෙම උද්ගෝෂණය සිදු කළේය. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු විද්වත් පිරිසක් මෙයට එක්වූහ. කරුණානිධිගේ හා දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ පඹයන් ද එහිදී පිලිස්සනි.