කරුණානිධි වෛරය නිම නොවේ


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක  සමුළුව නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී  නොපවත්වන්නැයි  ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර  කලහම් පක්ෂ නායක කරුණානිධි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයන්  හමුවේ කරුණු දැක්වීමට තීරණය කරයි.

 ලබන 26 වැනිදා ලන්ඩන් නුවරදී රැස්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී එහි සාමාජික රටවල නියෝජිතයින් හමුවේ කරුණු දැක්වීමට කරුණානිධි පියවර ගෙන ඇතැයි ඉන්දීය තානාපති අරාංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකාවේ ජිවත්වන දෙමළ ජනයාට දිගින් දිගටම සිදු වන හිරිහැර හේතුවෙන් එම සමුළුව ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් තම පක්ෂය දැඩි විරෝධය පළකරනා බවද ඔහු කියා සිටී.