කරුණානිධි මළ කොටියාට හුළං ගසයි


තමිල්නාඩු ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමැති එම්. කරුණානිධි ගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂය (ඞීඑම්කේ* සහ දෙමළ ඊලාම් සහයෝගීතාව එක්ව ලබන අගෝස්තු මස 5 ඊලාම් හිතවාදී සමුළුවක් තමිල්නාඩුවේ විල්ලූපුරම්හිදී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බව ඉන්දියා තානාපති ආරංචි මාර්ග පවසයි. ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණෙන් මෙම සමුළු සංවිධානය කැරෙයි. ලොව පුරාසිටින මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සහ ජාත්‍යන්තරයේ කොටි හිතවාදින්ටද ඇරයුම් කැර ඇත. 1986 වසරේ මදුරෙයි නුවර පැවැති ඊලාම් හිතවාදි සමුළුවට සමානවම මෙම සමුළුව සංවිධානය කැරෙයි.